දෙමටගොඩ දී තරුණයෙකු පැහැර ගෙන ගොස් සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවකට අදාළව වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියෙග් ආධාරකරුවන් 6කට කොළඹ මහාධිකරණය අද (24දා) බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ අතර එය වසර 12කට අත්හිටවීය.
මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා එම නියෝගය කළ අතර එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000බැගින් දඩ ද නියම කෙරුණු අතර පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියම කෙරිණි.
සැකකරුවන් අතර සිටි එක් අයකු පාසල් සිසුවකු බැවින් ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට තීරණය කළේය.
කෙසේ නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිනිය වරද පිළිගෙන නොමැති අතර ඇයට අදාළ නඩු විභාග ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.