තමන්ගේ පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට හා අංගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.
එම ඝාතනය හා තවත් ඝාතන කිහිපයක කතෘ ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍යවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍යයට පැවැසීය.