දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවතින නඩුවේ ඇය හැර සෙසු සැකකරුවන් අට දෙනෙකු වරද පිළිගෙන ඇත. කොළඹ මහාධිකරණයේදී නඩුව විභාග වෙයි. 2015 වසරේදී කලු පැහැති ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් නඩුව විභාග වෙයි. ඔවුන්ට දඬුවම් නියම කිරීම එළැඹෙන 24දා සිදුකරන බව මහාධිකරණය සඳහන් කළේය.