හිරුගේ සගයන් 06ක්සහ ඩිෆෙන්ඩරය පොලීසිය භාරයට
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් ගොස් පුද්ගලයෙකු පැහැර ගත් බවට චෝදනා එල්ල වී තිබූ පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (22දා) සවස කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ බාරවී තිබේ.
සැකකරුවන් හයදෙනා අද (23දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පෙරේදා (21දා) රාත්‍රියේ පුද්ගලයන්
06 දෙනෙකු පැමිණ ඩිෆෙන්ඩර් රථයකින් තමා පැහැරගත් බවට පුද්ගලයෙකුගෙන් දෙමටගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, එම පැමිණිල්ලට අනුව පොලීසිය විශේෂ පරීක්ෂණයක්ද සිදුකර තිබේ.
මෙහිදී අදාළ සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සම්බන්ධ නැතැයි හෙළිවී තිබෙන අතර, අදාළ සිද්ධියට මන්ත්‍රීවරියට හිතවත් පිරිසක් සම්බන්ධ බවට හෙළිවී ඇත.
මේ අනුව එම සැකකරුවන් 06 දෙනාට ඊයේ පොලීසියට පැමිණෙන ලෙසට දන්වා තිබූ අතර, අදාළ සැකකරුවන් 06 දෙනා ඊයේ පොලීසියට බාරවී තිබේ.
පිරිස පැමිණි ඩිෆෙන්ඩර් රථයද පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

