ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 45 දෙනෙකුට උපදේශක තනතුරු දුන් බවට පුවත්පත් වල සඳහන් කළ ප්‍රවෘත්තිය නිවරදි නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන කළේය.
ඔහු පැවැසුවේ තමන් පාර්ලිමේන්තුවේදී පැවැසුවේ ස්වාමීන් වහන්සේ නමකට උපදේශක තනතුරු ලබා නොදුන් බව පැවසුවත් පුවත්පත් එය වැරදියට වාර්තා කර ඇති බවයි.
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ උපදේශක තනතුරු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට පුද්ගලයින් 45ක් බඳවාගෙන ඇති අතර ඔවුන් නියමිත සුදුසුකම් සපුරා ඇති බවත් පසුගිය ජනපතිවරණ හා මහමැතිවරණ සමයේදී සිය පක්ෂය මහනුවරින් දිනවූ පුද්ගලයින්ට අවශ්‍ය අවස්ථා ලබාදීම සිය වගකීම බවද අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.