ඇළහැර බකමුණ පුණ්‍ය වර්ධනාරාමයේ විහාරාධිපතින් වහන්සේ ඝාතනය කළායැයි සැකපිට උන්වහන්සේගේ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඝාතනය වූ ස්ථානය ආසන්නයේ තිබුණු පාවහන් යුගලයක් පොලිස් නිල සුනඛයන් ඉව ඇල්ලීමට දීමෙන් පසුව මෙම රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
හබරණ පොලීසියේ නයිනා බැල්ල ගෙන්වා පරීක්ෂා කිරීමේ දී රියදුරා ළඟට යාම විශේෂත්වයක් විය. පසුව පොලීසිය රියදුරා විවිධ ස්ථානවලට තබා පොලිස් සුනඛයාගේ සේවය ලබාගත් අතර ඒ සෑම අවස්ථාවකදීම අදාළ පුද්ගලයා ළඟට නිල සුනඛයා ගිය බව පොලීසිය පවසයි.
තුෂාර තෙන්නකෝන්/ එස්. කරුණාරත්න / ඩබ්.ඒ. පියතිලක