හින්දි ගීතවලට සවන් දෙනවා නම් මහන්සිය, පීඩනය නැති කරගත හැකි බවත්, තමන්ද බොහෝ වෙලාවට හින්දි ගීත රස විඳ මහන්සිය, පීඩාව නිවාගන්නා බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (02දා) කුරුණෑගල පැවති වයඹ පළාතේ ප්‍රථම වතාවට ආරම්භ කළ හින්දි භාෂා පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.