සයනයිඩ් කරල් 75ක් සමග හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වූ බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය ඊයේ (21දා) වාර්තා කළේය.
තමිල්නාඩුවේ රාමනාතපුරම් දිස්ත්රික්කයේ, උචිපුල්ලෙයි ප්රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සන්තකයේ තිබී යොයාගත් සයනයිඩ්වල බර ග්රෑම් 300ක් පමණ බවත් එම පුවත් දේවය සඳහන් කරයි.