ත්රස්ත ක්රියාකාරකම් හේතුවෙන් අත්අඩංගුවට පත්ව ආරක්ෂක අංශ හමුවේ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිවු දෙනෙකු අද (03දා) වවුනියාව පූන්තෝට්ටම් කඳවුරේදී ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදෙනු ලැබිණි.
වසරක පුනරුත්ථාපනයකින් පසුව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කිරීමට අමතරව කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පරිගණක පාඨමාලාව හැදෑරූ අය වෙනුවෙන් සහතික පත් ප්රදානයක්ද සිදු විය.
පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 50 දෙනෙකුපමණ පුනරුත්ථාපනය වෙමින් සිටිති.