තරුණයන් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දිසානායක මහතා වැලිසර නාවික හමුදා රෝහලේ සිට බන්ධනාගාරයට මාරු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15දා) නියෝග කළේය. ඒ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.