හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2008 වසරේදී දමිළ තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව කොමදොරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
මීට අමතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.