හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) පෙරවරුවේ මහනුවර ප්රදේශයේ සංචාරය කළේය.
මුලින්ම දළඳා මාලිගාව මාලිගාව වැදපුදාගත් හිටපු ජනපතිවරයා ඉන් අනතුරුව මල්වතු මහ නාහිමි තිබ්බොටුවාවේ සුමංගල හිමාපාණන් හමුවූ අතර පසුව අස්ගිරි මහා මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමියෝ හමුවූහ.
හිටපු ජනපතිවරයාගේ මහනුවර සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දිලුම් අමුණුගම හා රොහාන් රත්වත්තේ යන මහත්වරුත්, මහනුවර නගරාධිපති මහේන් රත්වත්තේ මහතාත් එක්ව සිටිති.
ජනපතිවරණයට පෙරාතුව හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා හා සෑම විටම රටවටා ගමන්ගත් මහනුවර ප්රදේශයේ ප්රබල දේශපාලඥයා මේ අවස්ථාවට එක්ව නොතිබීම කාගේත් කතාබහට ලක්විය.