ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින 100 යේ වැඩපිළිවෙළින් අනතුරුව දේශප්‍රේමී ආණ්ඩුවක් පිහිටුවන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
කොළඹ අද (13දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ දින 100 යේ වැඩපිළිවෙළ කඩාකප්පල් නොකරන බවයි. එළඹෙන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍ය තනතුර සඳහා තරගකරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඒ මහතා පැවසීය.