හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනවානම්, හිටපු කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු වීමේ වරද කුමක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විමසීය. නව රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම මෙම ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් බවත් එය අවුරුදු පහක් තිබෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.