නිවසක්තුළ කැණීමක් සිදුකර නිධානයක් ලබාගැනීමට උත්සාහ කළ නිවසේ හිමිකරු වන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට සහය දැක්වු කට්ටඩියෙකු උතුරු මැද පළාත භාරජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ (09දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර කුඩා නෙළුම්කුලම, ගල්කුලම ප්‍රදේශයේ පිහිටි නිවස වටලන විටත් හිටපු පොලිස් කොස්තාපල්වරයා සහ කට්ටඩියා යැයි කියාගන්නා අය නිවසේ සාලයේ අතුරා තිබු ටයිල් කඩා දමා අඩි 04 ක් පමණ විශ්කම්භයෙන් යුතු වලක් සකසා ගෙන එම වල අඩි 17 1/2 ක් ගැඹුරටත්, එම වලෙන් නිරිත දෙසට තවත් අඩි 12 ක උමගක් හාරා තිබු බව විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා නිදන් හෑරීමේ චෝදනාව මත අද (10දා) දිනඅනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
තිසර සමල්, උපුල් හේරත්, බී.පී. චතුරංග