පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් එළඹෙන සියලු මැතිවරණවලදී නව පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කොට තිබේ.
මේ අනුව එම පිරිස දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය යටතේ එළඹෙන මැතිවරණවලදී උතුරු නැනෙහිර පළාත්වලට ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සභාපති සුන්දරපිල්ලේ සිවකුමාර් මහතා කියා සිටියේය.
හිටපු කොටි සාමාජිකයන්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය අතහැර දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය යටතේ එළඹෙන මැතිවරණවලදී තරග වැදීමට නියමිත බවද ඔහු පවසා සිටියේය.
නඩේසුපිල්ලේ විද්‍යාධරන් නැමති හිටපු කොටි සාමාජිකයාගේ සභාපතිත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට විදෙස් රටවලින් ලැබුණු මුදල් හා අනෙකුත් අධාර පක්ෂයේ සහ පුනරුත්ථාපනය වූ සාමාජිකයන්ගේ අභිවෘද්ධිය සඳහා යොමු නොකොට පෞද්ගලික අවශ්‍යතා සඳහා යෙදවීම හේතුවෙන් එම පක්ෂය අතහැර එහි සිටි බොහෝ සාමාජිකයන් පිරිසක් මෙසේ නව පක්ෂය යටතේ උතුරු නැගෙනහිර පළාත්වලට ඉදිරිපත්වීමට තීරණය කොට ඇති බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවකුමාර් මහතා පවසා සිටියේය.