වව්නියාවේ පුන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 140කගෙන් සමන්විත පිරිසක් ඊයේ (6දා) පස්වරුවේ පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව ලබාදී තිබේ.
බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය විසින් මෙම චාරිකාව සංවිධානය කර තිබේ. ඒ අනුව, මහජන ගැලරියට පැමිණී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පාර්ලිමේන්තු රැස්වීම් නැරඹූ බව පැවසෙයි.
මේ කණ්ඩායම ගාල්ල හා හම්බන්තොට ප්රදේශයන්හිද සංචාරය කරන අතර එහිදී ප්‍රදේශවාසීන් සමග ක්‍රිකට් හා වොලිබෝල් තරගවලටද සහභාගී වීමට නියමිත බවක කියවෙයි.