හැටන් නෝර්වුඩ් තොණ්ඩමාන් ක්‍රීඩාංගණයේ තිබූ කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ රැසක් අද (11දා) පොලිස් භාරයට ගෙන තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා හිටපු පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා විසින් වතු කම්කරුවන්ට බෙදාහැරීම සඳහා ගෙනැවිත් ගබඩාකර තිබූ එම භාණ්ඩ තොගය හැටන් පොලීසියට ලද අධිකරණ නියෝගයක් මත පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගැනුණු භාණ්ඩ අතර සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර හතළිස් තුනක්, සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක්, පුටු විශාල තොගයක් සහ තාවකාලික කූඩාරම් රැසක් විය.
හිටපු අමාත්‍යවරයා මේ වනවිට දිවයිනෙන් පිටත්ව ඉන්දියාවට ගොස් තිබේ.