හිටපු ඇමති ඔලුවෙන් හිටගෙන ගණන් හදලා
ජාතික පුවත්පතක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටු අමාත්‍යවරයෙක් ලබාදුන් සාකච්ඡාවක ආසන 113ක් ලබාගෙන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කර ඇතත් එසේ ආණ්ඩුවක් නිර්මාණය කළ නොහැකි බවත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් සමග සාකච්ඡා කළ යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය. එසේම ඔහු ගණන් හදා ඇත්තේ ඔලුවෙන් හිටගෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
“අද හවසට මාධ්‍ය බලපුවාමත්, අන්තර්ජාල, ෆේස්බුක් වෙබ් සයිට්, මේ සියල්ලේම තියෙන්නේ මාටින් ලූතර්කිං කිව්වා වගේ පුහු ඝෝෂාකාරීන්ගේ ශබ්ද. රටේ සුළුතරයක් ආණ්ඩුවේ කටයුතු වැරදි ලෙස හඳුනාගෙන තිබෙනවා. වැරදි නිගමනයන්ට එළැඹෙනවා.
අවුරුදු දෙක හමාරක කාලය තුළ අපිට තිබුණ බොහෝ බාධාවන් ඉවත් කරගෙන ආණ්ඩුවක් ලෙස වැඩකරගෙන යන විට පුහු ඝෝෂාකාරී ශබ්ද ඇතිවෙනවා. ඒ පුහු ඝෝෂාකාරී ශබ්ද කරන ගමන් විපක්ෂයේ මන්ත්‍රීවරයේ හිටපු ඇමතිවරයෙක් ජාතික පුවත්පතකට කියලා තිබුණා. විපක්ෂයට ඕන ආසන 113ක් ආණ්ඩුවක් හදා ගන්න ඊට පස්සේ ආණ්ඩුවත් ඉවරයි, ජනාධිපතිත් ඉවරයි කියලා.
මම හිතන්නේ එයා ඔලුවෙන් හිටගෙන තමයි ගණන් හදලා තියෙන්නේ. 113ක් හදා ගත්තත් මම ළඟට ඇවිත් ඇවිත් තමයි ආණ්ඩුව හදා ගන්න ඕන. ඒ විදියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

