මැතිවරණ කාලසීමාවේදී මෛත්රීපාල සිරිසේන මහතාගේ වෙිදිකාවට පහරදීමේ සිද්ධියක් මත ගම්පොළ මහේස්ත්රාත් අධිකරණයට බාරවූ හිටුපු අග්රාමාත්ය දී.මූ. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා ඇතුළු සිවුදෙන ඇපමත නිදහස් කිරීමට ගම්පොල මහේස්ත්රාත් උපුල් රාජකරුණා මහතා කටයුතු කර තිබේ. උඩ පළාත් ප්රාදේශිය සභා මන්ත්රීවරයෙක්, ගම්පොළ නගර සභා මන්ත්රීවරයෙක් හා ප්රභූ ආරක්ෂකයෙක් මෙසේ අධිකරණයට බාරවූහ.