සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැදීසිටිමින් විවිධ කටයුතුවල නිරතවු පුද්ගලයින් 402 කු මේවර්ෂය තුළ අත්අඩංගුවට ගත්බව අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා අද(17) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේඅතරින් මෙරටට පැමිණ හිඟමනේ යෙදීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් ද අත්අඩගුවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විමසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.