වසර අවසානයේ අල්ලස් ලෙස තෑගි,වවුචර හෝ හැම්පර්, ලබාදෙන හා ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පවසයි.
රජයේ නිළධාරීන්හට මෙලෙස තෑගි හා වවුචර පත් ලබාදෙන මුවාවෙන් අල්ලස් ලබාදෙන පුද්ගලයින්ගේ අරමුණ වන්නේ ඒ මාර්ගයෙන් තමන්ට අවශ්‍ය කාර්යය සිදුකර ගැනීම බවඳ කොමිසම පෙන්වා දෙයි.
මේ අතර නත්තලට ගුරුවරුනට තෑගි දීම සඳහා සුපර් මාර්කට් වවුචර සපයාදෙන ලෙස ඉහළ පෙලේ පාසල් රැසකින් සිසුනට දන්වා ඇතැයි වාර්තාවු බවත් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පැවසීය.
අල්ලස් ලෙස වවුචර පත් ලබාදෙන්නන් හා එම වවුචර පත් ලබාගන්නන් දෙපාර්ශවයටම එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ හැකියාව පවතින බව කොමිසම වැඩිදුරටත් පැවසීය.