හැටන් නගර සභාවට අයත් බව කියන ඉඩමක තිබූ කුණු ගොඩකට අද උදේ ගිනි තබා තිබිණි. කුණු කඳු ගිනි තැබීමෙන් විෂ වායූන් පිට විය හැකි බවත්, එය සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බවත් පරිසර අමාත්‍යාංශයේ වායු සහ ඕසෝන් අංශය මීට මසකට පමණ පෙර මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ වැඩමුළුවකදී පවසා තිබුණි.
තේ වතු ආශ්‍රිතව ඇති ඇති මෙම කුණු ගොඩේ පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු ආදී දිරාපත් නොවන අපද්‍රව්‍ය ගොඩ ගසා තිබිණි.
නගර සභාවට අයත් දේපළක පිහිටි මෙහි டඅනවසරයෙන් කසළ බැහැර කිරීම සපුරා තහනම්‘ යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර ඇත. ඊට මදක් ඔබ්බෙන් කුඩා ඔයක්ද ගලා බසී. අවට වැසියන් කිහිපදෙනකු පවසා සිටයේය කුණු කන්දේ දුර්ගන්ධය සහ දුම ප්‍රදේශය පුරා පැතිරෙන බවයි.