ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දෙන අවස්ථාවේදී හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ අපූරු හැසිරීමක් හා ඊට හිලරි ප්‍රතිචාර දැක්වූ ආකාරය ලෝක මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතී.
වඳුරා හැට පැන්නත් බිමින් නොයන බව පසක් කරන බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මොනිකා ලෙවෙන්ස්කි සිදුවීමත් සමගිනි.
කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවති දිවුරුම්දීමේ අවස්ථාවේදී බිල් හිටපු ජනාධිපතිවරයා තම ඇස් ඉවතට නොගෙන බැලූ දර්ශනය බොහෝ දෙනෙකුට අනුව ට්‍රම්ප් දියණිය ඉවන්කා ය.
දිවුරුම්දීමේ උත්සවය වඩාත් උත්කර්ෂවත්ව සිදුවන මොහෙතේ සියලු දෙනා ඉදිරිපස බලාසිටින විට, බිල් ජනාධිපතිවරයා පමණක් තම ඇස් ඉවතට නොගෙන වෙනතක් බලා සිටි බව බොහෝ දෙනෙකුට නොදැනුණි.
නමුත්, තමා සමග දශක කිහිපයක් එක්ව ජීවත් වූ බිල්ගේ හැටි හොඳ හැටි දන්නා හිලරි මොහොතකින් පසුපස බැලුවේ බිල් කුමක් කරන්නේදැයි විපරම් කරන්නාක් මෙනි.
හිලරිගේ බැල්මෙන්වත් ඇස් ආපස්සට නොගන්නා බිල් වසඟයෙන් මෙන් බලාසිටින්නේ කුමක් දෙසදැයි හිලරිද විපරම් කරයි.
වඳුරා හැට පැන්නත් බිම නොයන බව දන්නා හිලරිද උපහාසාත්මක සිනහවක් සමග යළිත් ඉදිරිපස සිදුවීම සමග ඒකාත්මික වන්නේ, බිල්ට වැළඳී ඇති රෝගයට වඩා, ජනපති පදවිය අහිමි වීමෙන් තමා මුහුණදී ඇති වේදනාව යටපත් කරගැනීමේ අටියෙන් විය හැකිය.