හාල්මැස්සන් බැදුමක හාල් මැස්සන්ගේ බඩ කොටසේ කුඩා කවර තුළ හෙරොයින් සුක්ෂම ලෙස රඳවා මැගසින් බන්ධනාගාරයේ සිටින රැදවියකට ආහාර රැගෙන යන මුවාවෙන් හෙරොයින් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ප්ලාස්ටික් භාජනයක දමා තිබූ හාල්මැස්සන් තුළින් හෙරොයින් ග්‍රෑම් 2ක් හා මිලි ග්‍රෑම් 300ක් සොයාගෙන තිබේ.
අද (09දා) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර කොළඹ උතුර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන කොළඹ උතුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.