මොරටුව එගොඩඋයන ශ්රී සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපති ඝාතන සිද්ධියේ පළමු වැනි සැකකරු හා ඔහුගේ මිතුරෙකු පන්සලට පැමිණ එම ඝාතන සිද්ධියේ ප්රධාන සාක්ෂිකරුට හා විහාරවාසී දැදිගම පදුම හිමියන්ට තර්ජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රධාන සාක්ෂිකරුට ඇසිඩ් ගසා මරා දමන බවටත් සැකකරු හා ඔහුගේ මිතුරා තර්ජනය කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු හා ඔහුගේ මිතුරා ඊයේ (15දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය පරීක්ෂන පවත්වනු ලබයි.