හසලක පොලිස් වසමට හා උඩුදුම්බර පොලිස් වසමට අයත් යහංගල කඳු වැටියේ ගින්නක් හටගෙන තිබේ. ඊයේ (12දා) සවස් වරුවේ ආරම්භ වූ මෙම ගින්නෙන් අකිකර 15ක පමණ භූමි ප්රමාණයක් විනාශ වී ඇති බව පැවසෙයි.
ගින්න පාලනය කිරීම සඳහා පොලීසිය හා වන අඩවි වන නිලධාරීන් ඒකාබද්ධ වී කටයුතු කරන බව පැවසෙයි. මෙම ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.