මහියංගණය - මහනුවර ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශයේදී අද (24දා) බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් එහි ගමන් ගත් මගීන් 22ක් රෝහල් ගත කර ඇතැයි හසලක පොලීසිය පවසයි.
මෙම බස්රථය මහනුවර සිට මහියංගණය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ. අනතුරින් තුවාල ලැබූවන් මහියංගණය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
බස් රථයේ තිරිංග අක්රියවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලබා මහියංගණය රෝහලේ ප්රතිකාර ලබන දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
හසලක පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.