කියුබාවේ හවානා ගුවන් තොටුපොළ ආසන්නයේදී බෝයිං 737 ගුවන් යානයක් අනතුරු පත්වීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතකෂයට පතව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් පුද්ගලයන් 3 දෙනෙුකුගේ දිවි බේරී ඇතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල බව කියුබානු මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය පවසයි.
අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානයේ 110 ක් ගමන් කර ඇති බවද වාර්තා වෙයි.
අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානයේ ගමන් ගත් පිරිසෙන් බොහෝ දෙනෙක් කියුබානු වැසියන් වූ බව කියැවෙයි.