හලාවත කලපුව උතුරා යාම නිසා අද ( 19 දා ) දහවල් සිට හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් වල පදිංචිකරුවන්ගේ නිවාස සහ මංමාවත් ජලයෙන් යටවීමෙන් පවුල් 50ක පමණ පිරිසක් අවතැන් වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ හේතුවෙන් ජලය ගලා යාම ඉක්මන් කිරීමට හලාවත අලුත්වත්ත ධීවර කාර්මිකයෝ පිරිසක් ස්වෙච්ඡාවෙන් හලාවත මෝය කට විශාල කිරීමට කටයුතු කළහ.
හලාවත සුපුන් හංසන