හල්ඳුම්මුල්ල, බදුලුදෙන නැමැති දුෂ්කර ගම්මානයේ ජීවත්වෙන වැසියන්ගෙන් බොහෝ පිරිසක් රෝගී වී තිබේ. ඔවුන්ට උණ, කැස්ස හා හිසරදය පවතියි.
ගමන් දුෂ්කරතාව නිසා රෝගීන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් සඳහා ගොස් නොමැත. කෙසේ වෙතත් හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය උපාලි වීරරත්න මහතා ඇතුළු පිරිසක් මෙම ගම්මානයට පිවිස ඔවුන් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී රෝහල් සඳහා යොමුකර තිබේ.
ඔවුන්ට වැළදි ඇත්තේ සාමාන්‍ය උණ රෝගී තත්ත්වයක් වන අත රෝගීන්ව බලංගොඩ හා හල්ඳුම්මුල්ල දිසා රෝහල්වලට යොමුකොට තිබේ.
ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් මෙම ගම්මනය පිහිටා ඇත. පොලීසිය මැදිහත්වී රෝගින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදි ඇත.
එස්.පී. නානායක්කර