දෙමාපියන්ගේ අනුමැතිය සහිතව දුරකතන අංක තුනකය පමණක් ඇමතුම් ලබාගතහැකි ඩිජිටල් තාක්ෂණික උපාංගයක් ඉදිරි සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. මෙමඟින් දරුවා සිටින ස්ථානය වෙනස් වන විට ඒ පිළිබඳව දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඉබේම යැවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ජංගම දුරකථනයක් ආකාරයේ වුවත් මෙහි තිරයක් නොමැති අතර 119 හදිසි ඇමතුම් අංකයටද මේ උපාංගයෙන් ඇමතුම් ගත හැකි බව හරීන් අමාත්‍යවරයා පැවසීය.