හරීන් හා මනූෂ රඟපෑවා - හේමමාලි
සෞදි අරාබියේදී සිය හාම්පුතා සිදුකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ගාල්ලේ -වඳුරඹ නිවසට පැමිණි හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා හා මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයා කැමරා ඉදිරියේ රඟපාමින් එම පවුලේ උදවිය රැවටීමකට ලක් කළ බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය අද (18දා) පැවසුවාය.
මෙවැනි ඝාතනයක් සිදුවූ විට ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකරන සාමාන්‍ය ප්‍රකාශය සිදුකරමින් එම ඇමතිවරුන් දෙන්නා පිටව ගිය බවද ඇය සඳහන් කළාය.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසූවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හේමමාලි අබේරත්න මහත්මිය,
“ඊයේ (17) දිනයේදී අප එම නිවසේ සිටියදී හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා හා මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයාත් එම අවස්ථාවේ පැමිණියා.ඇමතිවරුන් දෙන්නා ගෙදර අය සමඟ කළ සාකච්ඡාව විහිළුවක් බවට පත්වුණා. ප්‍රියංකාගේ ගෙදරට යන්න තිබුණේ පොඩි පාරක්. ඇමතිවරුන් දෙන්නා ගෙදරට එන්න කලින් අහපු පළමු ප්රශ්නය තමයි මීට වඩා ලොකු පාරක් ඇමතිට යන්න නැද්ද කියලා.
ඇමතිවරුන් එන්න කලියෙන් සියලුම මාධ්‍යවේදීන් සූදානම් කරලා තිබුණා හරියට මඟුල් ගෙදර මනමාලයයි මනමාලියයි පිළිගන්න ඉන්නවා වගේ.මාධ්‍යවේදීන් කැමරා තියාගෙන හිටියා ඇමතිවරුන් දෙන්නා එනකම්. ඒ දෙන්නා කැමරාවලට අනුව ඇවිදගෙන ආවේ. ගෙදරට ඇවිල්ලා වාඩිවෙන්නෙ, කතාකරන්නේ කැමරාවලට පෙන්න.මීට අවුරුදු 19කට කලින් ප්‍රියංකා විදේශගතවෙලා තිබුණේ.ඇය මොකටද වෙඩිතියලා මැරුවේ කියන එක ගැන එතනදී සාකච්ඡා වුණේ නැහැ.හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වේ මට හරි දුකයි වන්දි මුදලක් දෙන්න මැදිහත්වීමක් කරනවා කියලා.හැමදාම බස්සන බෝලය තමයි මේ බස්සන්නේ.තලතා අතුකෝරල ඇමතිවරිය ඉන්න කාළේත් මේ බෝලෙම තමයි පාස් කළේ.ආණ්ඩුව ඉන්නේ මට දුකයි කියන්න නෙමෙයි.“යනුවෙන් පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


