මෙරටට හිමිව තිබූ ඉතාලි රැකියා කෝටාව ඉතාලි බලධාරීන් විසින් අත්හිටවූයේ මන්දැයි හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා රටට පැහැදිලි කළ යුතු බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් රාජකරුණා මහතා පවසන්නේ, ඉතාලි රැකියා කෝටාව තුළින් සිදුකළ %අතයට ගනුදෙනු^ පිළිබඳව ඩිලාන් පෙරේරා මහතා වහාම රටට හෙළිකළ යුතු බවයි. 2014 වසරේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට හිමිවූ රැකියා කෝටාවට හිමි වීසා ප්‍රමාණය 600 ක් බවත්, ඉන් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට හිමිවූ වීසා ප්‍රමාණය 100 ක් බවත් හෙතෙම පවසයි.
ඉතිරි වීසා 500 ඩිලාන් පෙරේරා මහතා විසින් ඉතාලියේ වීසා නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එක් වීසා එකක් රුපියල් ලක්ෂ 15 කට විකුණා ඇති බවද හර්ෂණ රාජකරුණා මහතා පවසයි.