අලුත්ගම ප්රදේශයේ මුහුදෙන් සොයාගත් සුන්බුන් ගුවන් යානයක නොවන බවට ගුවන්හමුදාව විසින් තහවුරු කරගෙන තිබේ.
මෙම සුන්බුන් පිළිබඳව ගුවන් හමුදාව මූලිකව කරනු ලැබූ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම කොටස් වෙනත් වර්ගයක වාහනයක හෝ යන්ත්රයක විය හැකි බවයි.
එසේම එම සුන්බුන් යුද හමුදාවේ හෝ නාවික හමුදා වාහනයක කොටස් විය හැකි බවත් ගුවන් හමුදාව සඳහන් කරයි.
අලුත්ගම ප්රදේශයේ ධීවරයන් පිරිසකගේ දැලක පැටලී මෙම සුන්බුන් සොයාගත් අතර, ඒවා පසුව අලුත්ගම පොලීසියට භාර දීමෙන් අනතුරුව ගුවන්හමුදාව විසින් පරීක්ෂණ පවත්වනු ලැබීය.
දර්ශන සංජීව