කංසා වගාකිරීමේ යෝජනාවට මහා සංඝරත්නයේ විරුද්ධත්වයක් නොමැති බැවින් ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (30දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති ප්‍රාණජීව ආයුර්වෙිද නිෂ්පාදන 12 ක් එළිදැක්වීමෙි උත්සවයට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශීය ඖෂධ වර්ග රැසක් ඉන්දියාවෙන් ආනයනය කරනවා. අබිං එලෙස ආනයනය කරන එක ඖෂධයක්. කංසා වගාකිරීමේ යෝජනාව මම පසුගිය වසරේ ඉදිරිපත් කළා.
මහා සංඝරත්නය එයට විරුද්ධ වුණේ නම් නැහැ. ඒ නිසා හමුදාව යොදවා කංසා වගාකිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී දියත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කංසා දුම්වැටි වගේ පානය කළොත් තමයි ප්‍රශ්නයක් තිබෙන්නෙ. ඖෂධයක් ලෙස භාවිත කළොත් කිසිදු ප්‍රශ්නයක් නැහැ" යැයි පවසා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා