මහ මගවැටී තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ජර්මන් මුදල්, බැංකු ටෙලර් කාඩි පත්, රුපියල් තිස් දහසක් පමණ වටිනා ඩිජිටල් කැමරාවක් හා විදේශීය ගමන් බලපත්‍ර යනාදිය ඇතුළත් ගමන් මල්ලක් අහුලා ගත් පුද්ගලයෙක් ඇල්ල පොලීසියේදී ඒවායේ හිමිකරුවන් වූ ජර්මානු ජාතික යුවළකට බාරදුන් බව ඇල්ල පොලීසිය පවසයි .
මේ ආදර්ශමත් ක්‍රියාව කර ඇත්තේ ඇල්ල බෝකොටුහින්න ගොටුවල පදිංචි සාමසුන්දර මුදියන්සේලාගේ කපිල චන්ද්‍රෙස්න (37) නමැති විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි. ඔහු දෙදරු පියෙක් බවද පොලීසිය පවසයි .
මෙම යුවළ ඇල්ලේ සිට උඩරට දුම්රිය මාර්ගයේ විශ්මිත නිර්මාණයක් වන අහස්නමය පාලම නැරඹීමට යමින් සිටියදී යතුරුපැදියේ පිටුපස බැඳ තිබූ අත්බෑගය වැටී ඇති අතර, ඔවුන් ඒ පිළිබඳව ඇල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.