ආරක්ෂක අංශවල තනතුරු පාවිච්චි කරමින් මසකට රු.60000 බැගින්වූ මුදලක් ලබාගෙන ඇති කලාවට සම්බන්ධකම් තිබෙන පුද්ගලයන් 20 දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
වර්ෂ 2006 සිට කෝප්රල් හා ලෙෆ්ටිනන් තනතුරු සඳහන් කරමින් මේ පිරිසට මුදල් ගෙවා ඇති බව වාර්තාවේ. මේ අතර කලා කටයුතු සම්බන්ධයෙන් මැද පෙරදිග රටකට අවස්ථා කීපයකදී ගොස් වසරකට දින 7ක් 8ක් පමණ සිටි බව කියන පිරිසක් පිළිබඳව ද පරීක්ෂණ පවත්වාගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැයිද ඔහු කීය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)