ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී රට තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් සිදුනොකළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (21දා) පැවසීය.
ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදී තිබියදී හමුදා කුමන්ත්‍රණයකට සූදානම් වූ බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත ගම්මන්පිල මහතා එහි ගිය අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශන් කිරීම් හමුවේ මෙසේ පවසා තිබේ.
ගම්පහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය මහත්මියට එ.ජා.ප. ආධාරකරුවන් පිරිසක් පහරදීමට ගත් උත්සාහයක් මත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට උත්සාහයක් ගත් නමුදු හමුදා කුමන්ත්‍රණයක් සිදුනොවූ බව ගම්මන්පිල මහතා එහිදී සඳහන් කළේය.