මෙවර පළාත් සභා මැතිවරණයේදී 2009 මැතිවරණයට සාපේක්ෂව හම්බන්තොට දිස්ත්රික්කයෙන් ඡන්ද 7611 ක් ලබන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකිව තිබේ. එසේම මාතර දිස්ත්රක්කයෙන්ද එය 18, 471 ක් දක්වා වර්ධනය කිරීමට ඔවුන්ට හැකි වී ඇත.
මෙම වැඩි වීම පසුගිය 2010 මහා මැතිවරණය සමග සැසඳීමේ දී ප්රජාතන්ත්රවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව හම්බන්තොට දිස්ත්රික්කයේ දී ලබා ගත් ඡන්ද ප්රමාණයට වඩා මෙවර ඡන්ද ගණන 29,706 කින් වැඩි වී තිබේ. මාතර දිස්ත්රික්කයේදී මෙම පක්ෂ දෙකෙහි එකතුව 2010 මහා මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 39,194 කින් වැඩි වී තිබේ.