හම්බන්තොටදී පසුගියදා පැවැති විරෝධතාවට අදාළව තවත් භික්ෂූන්වහන්සේ නමක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අද (15දා) හවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය මැදමුලන , කින්චිගුනේ ශ්රී චන්ද්ර බිම්බාරාමයේ වැඩ විසු අරන්වල අමිත නැමති ස්වාමීන්වහන්සේ නමකි. විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය සතුව ඇති වීඩියෝ දර්ශන මගින් කළ පරික්ෂණ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.