හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙරට ප්‍රධානතම ආයතනයක් බවට පත් කිරීම ඉදිරි පස් අවුරුදු සැලැස්ම බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය වරාය සහ නාවික අමාත්‍යාංශ සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (17දා) පැවැත්විණ. . ශ්‍රී ලංකා වරාය අධිකාරියත් කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම (Cosco Shipyard Group Co. LTD.) සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගමත් (China Harbour Engineering co. LTD.) එම ගිවිසුමට අත්සන් තැබීය.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉඳිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 600කි. එය ඍජු ආයෝජනයක් වීම එහි විශේෂත්වයයි. නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

