ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට හම්බන්තොට කර්මාන්ත පුරය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් හම්බන්තොට සංවර්ධන කලාපය පිළිබඳ පත්කළ කමිටුවට උපදෙස් දී තිබේ.
සංවර්ධන කලාපයට ඉඩම පවරා ගැනීමේදී ජනතාව පීඩාවට පත්වන ආකාරයට ඉඩම් ලබා නොගන්නා ලෙසත්, හැකිතාක් රජය සතු ඉඩම් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා හම්බන්තොට දිස්ත්‍රික්ක ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
රජයේ ඉඩම් ලබාගැනීමට ඇති හැකියාවට අමතරව දැනට ජනාවාසවලින් තොර ප්‍රදේශවලින් අත්පත් කරගත් ඉඩම් යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
හම්බන්තොට සංවර්ධන කලාපය පිළිබඳව පත්කළ කමිටුවේ රැස්වීමට සහභාගි වෙමින් අද (06දා) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.