හම්බන්තොට ආයෝජන ප්රවර්ධන කලාපය විවෘත කරන අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවන් 25 දෙනාගෙන් 24ක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
එක් සැකකරුවෙකුට සුවිශේෂී කාරණා මත ඇප ලබාදීමට මහේස්ත්රාත්වරයා කටයුතු කරනු ලැබීය. මේ අතර අද දිනයේදී අධිකරණය ආසන්නයේ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස පෝස්ටරක් අලවා තිබුණ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් මහෙස්ත්රාත්වරයා පැවැසුවේ තමා නීතිය ක්රියාත්මක කිරීම පමණක් සිදුකරන බවයි.