හනුමාන්ට හැඳුනුම්පතක් නිකුත් කළ පුද්ගලයා සොයා පරීක්ෂණ
ඉන්දීයාවේ හින්දු ජාතිකයන් දේවත්වයෙන් සලකන හනුමාන් යොදාගනිමින් ජෛවමිතික ජාතික හැඳුනුම්පතක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් මේ වනවිටත් පරීක්ෂණ සිදුකරන බව බී.බී.සී.ය කියයි.
රාමායන කතා ප්රවෘත්තියේ එන හනුමාන්ගේ උඩුකය ඡායාරූපයක් සහිත මෙම ජෛවමිතික හැඳුනුම්පතේ හනුමාන් රන් හා මුතුවලින් යුතු ඔටුන්නක් හා ආභරණ පැළඳ සිටින බව පැවසෙයි.
මෙම හැඳුනුම්පත අදාල අයදුම්කරුට තැපැල් කිරීම වෙනුවෙන් තැපැල් කාර්යාලයට පැමිණි පසු හනුමාන් සොයා ගැනීම තැපැල්කරුට අභියෝගයක් වී ඇත්තේ එහි හනුමාන්ගේ ලිපිනයක් සඳහන්ව නොතිබූ නිසාවෙනි. කෙසේ වෙතත්, එරට තැපැල් දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
එහි හනුමන්තාගේ උඩුකය ඡායාරූපයට අමතරව, ඇඟිලි සලකුණු සහ ඇසේ කළු ඉංගිරියාවේ සලකුණුද ඇතුළත් කර තිබූ බවද පොලීසිය පවසයි.
කෙසේ වෙතෙත් මේ සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය බලධාරින් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, හනුමාන් දෙවිඳුන්ට හැඳුනුම්පත් නිකුත් කළ තැනැත්තා සොයා පොලීසිය ලුහුබඳියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

