කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී 07දින අලුයම මෙරට දැඩි ආරක්ෂිත සත්වයකු වන හදුන් දිවියෙකු මාර්ග අනතුරකට ලක්වීමෙන් මියගොස් සිටියදී සොයාගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
දෙහිගහලන්ද ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් මියගොස් සිටි හදුන් දිවියාගේ සිරුර මාර්ගයේ එක් පසක තිබෙනු දැක ප්‍රදේශවාසීන් විසින් හම්බන්තොට වනජීවී කාර්යාලය වෙත දැනුම් දී තිබේ.පසුව නිලධාරීන් පැමිණ දිවියාගේ සිරුර වනජීවී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබූ අතර මිය ගොස් සිටි හදුන් දිවියා අඩි තුන හමාරක් පමණ දිගින් යුත් හොදින් වැඩුණු අවුරුදු 07ක් පමණ වන පිරිමි සතකු බවද නිලධාරීහු පවසති.මිය ගිය හදුන් දිවියාගේ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා වනජීවී අමාත්‍යවරයාගේ උපදෙස් මත රුහුණු විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය අංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.
(සුරියවැව නුවන් ජයසේකර)