හදිසි නීතිය තවත් දින කීපයක් ක්‍රියාත්මකයි
මේවනවිට ක්‍රියාත්මක කර ඇති හදිසි නීතියදින හතක කාලයකට පමණක් ක්‍රියාත්මක කළද, තවත් දින කිහිපයක් එය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා %අද^ට පැවසීය.
මහනුවර ප්‍රදේශයේදී ඇතිවූ ජාතිවාදී ගැටුම් වර්ධනය වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (06දා) පස්වරුවේ හදිසි නීතිය ක්‍රියාත්මක කළේය.
දින 07ක් සඳහා හදිසි නීතිය පනවන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර, ඒ සම්බන්ධයෙන් නිතුක්කළ ගැස්ට් නිවේදනයේද සඳහන්වූයේ දින 07ක් සඳහා හදිසි නීතිය පනවන බවයි.
එසේ වුවද මහනුවර සිදුවීම් සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුවන බැවින් හදිසිනීතිය ක්‍රියාත්මක වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පවසා සිටියේ,&පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය නම්, ඒසඳහා ආරක්ෂක අංශවලින් තොරතුරු විමසලා තිබෙනවා. ඒ අනුව සමහර විට දින කිහිපයකට හදිසි නීතිය දිගු කරන්න සිදුවේවි* යනුවෙනි.
ක්‍රියාත්මක කරන ලද හදිසි නීතිය අවලංගු කරන බවට ජනාධිපති කාර්යාලය මෙතෙක් සඳහන් කර නොමැත.
සාමාන්‍යයෙන් හදිසි නීතිය පැනවීමෙන් පසුව එය දින 14කට වැඩි කාලයක් ක්‍රියාත්මක වේනම් පමණක් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වන අතර, දින 07ක් සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කළද, අවලංගු නොකරන්නේනම් එය දින 14ක් දක්වා ක්‍රියාත්මක වන බව නීතිවිශාරදයෝ ප්‍රකාශ කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


