හැටන්, වැලිඔය වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (16දා) උදෑසන ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර , එක් නිවසක් අර්ධ ලෙස විනාශ වී ඇතැයි හැටන් පොලීසිය පවසයි.
හැටන් පොලීසිය, හැටන් නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා වතු කම්කරුවන් එක්ව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කෙරිණි.
ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර, හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.