අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සංශෝධනයේදී රජයේ ඉහළපෙළේ තනතුරු ගණනාවක් වෙනස් වනු ඇතැයි පැවසේ.
දැනට පවත්නා දේශපාලන තත්ත්වය හා මැතිවරණ පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
විශේෂයෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇති කරුණු මෙන්ම ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු සහගත තත්ත්වය සමනය කරගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එ.ජා.ප.යට ද දැනුම් දී තිබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉරිදා දේශය ඇසුරෙනි