හජ් වන්දනාවේ ගිය අයෙක් මරුට
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් මක්කම බලා ගිය පුද්ගලයන් අතරින් එක් අයෙකු පමණයක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සවුදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා සක්වමින් අරාබ් පුවත් සේවය වර්තා කරයි.
එසේම මෙම මරණය ස්වාභාවික මරණයක් බවත් අරාබ් පුවත් සේවය පවසයි.
මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී හජ් වන්දනාව සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජාතිකයන් පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයක් කොළඹ බලා පැමිණෙමින් තිබියදී හදිසියේ කිංග් කාලිඩ් ගුවන්තොටුපළට ගොඩ බස්සවා තිබේ.
ඒ එහි ගමන්ගත් මගියෙකු රෝගාතුර වීම හේතුවෙනි. ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් අරාබ් පුවත් සේවය කියයි.
මේ අතර මෙවර හජ් වන්දනාව සඳහා සවුදියෙන් ශ්‍රී ලංකාවට හමිවූ කෝටාව 2013 වසරට සාපෙක්ෂව 1200කින් අඩුවී තිබේ.
මෙවර ශ්‍රී ලංකාවට හිමිවූයේ 2300ක කෝටාවක් පමණි.
මක්කමේ සිදුකරන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙසේ ශ්‍රී ලංකාවට ඇති කෝටාව අඩුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

